Wednesday, June 18, 2014

Samsung Galaxy S2 එනිකොල්(SHW M-250S)/ඔල්ලේහ්(SHW M-250K) International(GT-I9100) වලට Convert කරන විදිය ගැන තමයි කොල්ලනේ මේ පොස්ට් එක................




වැඩිය කතා ඕන නෑ එහෙනම් මොකද අපිට කතාව නෙමේ වැදගත් වැඩෙයි වැදගත් එක නිසා එහෙනම් මම පහලින් දෙන්නම් International(GT-I9100) Stock රොම් එකයි I9100 PIT ෆයිල් එකයි ODIN එකයි.ඔයාල ඒ ෆයිල් තුනම බාගෙන මේ මම කියල තියන විදියට කරන්න හරිද හරියට කරානම් එකෙන්ම හරියනව වැඩේ ඒ වගේම තමා පොන්කඩේට දෙන RS.800.00 ඉතුරු කරගන්න පුළුවන් හරි එහෙනම් බාගන්න ඔන්න පහල ලින්ක් 3 ම තියේ...........................

මෙන්න ODIN එක
මෙන්න PIT ෆයිල් එක
මෙන්න STOCK රොම් එක

හරි දැන් ODIN එක ඔයාලගේ කොම්පූටරේට ඉන්ස්ටෝල් කරගන්න......
ඊට පස්සේ ODIN එක OPEN කරල එකෙ PIT කියන තැනට ඔයාල බාගත්ත PIT ෆයිල් එක දෙන්න...
ඊගාවට ODIN එකේ PDA කියන තැනට ඔයාල බාගත්ත STOCK රොම් එක දෙන්න...
දැන් ඔයාගේ පොන් එක ඕෆ් කරලා VOL DOWN+HOME+POWER මේ බටන් තුනම එකට ඔබාගෙන ඉන්න එතකොට කොළපාටට Android මාර්ක් එක වැටිලා Download Mode එකට එයි............................ ඊට පස්සේ ඔයාගේ පොන් එක USB CABLE එක ගහල කොම්පූටරේට Conect කරගන්න........
දැන් ODIN එකේ උඩින් තියන ID:COM කියන තැන නිල්පාට වෙයි(එහෙම උනේ නෑ කියන්නේ ඔයාගේ පොන් එකට අදාල USB Drivers දාල නෑ කොම්පූටරේට ඒවා දාල ආය Conect කරන්න එහෙම උනොත් විතරක් ඈ)............................
හරි දැන් ODIN එකේ උඩ ඇති Option කියල එකක් එතන Auto Reboot/Re -Partition/F.Reset Time කියන Option තුනටම ටික් එක දාන්න..........................
හරි දැන් ODIN එකේ යටම ඇති Start කියල එක ක්ලික් කරන්න විනාඩි 5ක් විතර යනකොට වැඩේ ඉවරවෙයි ඊට පස්සේ Auto රෙබූට් වෙයි පොන් එක....පලවෙනි පාර ඔන් වෙනකොට ටිකක් වෙලා යයි ගණන් ගන්න එපා එක විනාඩි 5කින් විතර ඔන් උනේ නැත්තම් පොන් එක ඔෆ් කොරල බැටරි එක ගලවල අය දාල VOL UP+HOME+POWER බට්න් 3න ඔබාගෙන ඉදල රිකවරි Mode එකට ගිහින් Wipe Factry Data Reset/Wipe Cash Partition කියන දෙක කරල Reboot System Now දෙන්න එතකොට අනිවරෙන්ම ඔන් වෙනවා අය කතා දෙකක් නෑ.................
හරි වැඩේ ඉවරයි දැන් ඔයාගේ පොන් එක දැන් International GT-I9100 වලට Convert වෙලා තියන්නේ දැන් ඉතින් Messege Limit නෑ කොරියන් Apps නෑ මොකුත් නෑ :) :)

තව පොඩි අවුලක් තියනවා ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරාම එන pawer බට්න් එක ඔබපු ගමන් power off වෙනව අවුල FIX කරගන්න විදිය තමයි මේ ඉස්සරලාම රූට් කරලා ඉමු

රූට් ෆයිල් එක බාගන්න මේක බාල මතක ඇතුව ඔයාලගේ SD Card එකට දාගෙන ඉන්න ඈ........ 

ඊට පස්සෙ recovery mode එකට යන්න (Vol up + power +home )
apply sd card update.zip සිලෙක්ට් කරලා ඔයා download කරපු root update.zip එක තොරලා දෙන්න දැන් flash වෙයි flash වෙලා ඉවර උනම reboot කියන එක තොරන්න

දැන් RootRoot explorer download කරගන්න..............

ඊටපස්සේ Root explorer install කරලා Root explorer ඔපන් කරලා /efs/imei කියන පාත් එකට ගිහින් දැන් මෙනු එක ඔබලා create new file ගිහින් file එකක් හදන්න keystr කියලා දැන් ඒ හදපු file එක උඩ ටච් කරන් ඉන්න........
දැන් යට ඇති Open in text editor කියලා එකක් එක ඔෆන් කරල් ON කියලා type කරලා save කරන්න ඊට පස්සෙ Permission හදන්න ඔනි අරවිදියටම
keystr කියන ෆයිල් එක උඩ ටච් කරන් ඉදලා එන ලිස්ට් එකෙ permission කියන එක තොරලා ඔක්කොටම හරිදාන්න දැන් එකත් ඉවරයි පෝන් එක රීබූට් කරන්න

එහනම් මම ගියා.....................@RS.800ක් ඉතුරු කර දෙමින් අපේ යාළුවන්ට....................

Friday, June 6, 2014

කොල්ලනේ මෙන්න Samsung Galaxy S2 Anycall,Olleh ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරාම එන pawer බට්න් එක ඔබපු ගමන් power off වෙනව අවුල FIX කරගන්න විදිය ගැනයි මේ පොස්ට් එක







.............ඉස්සරලාම රූට් කරලා ඉමු රූට් ෆයිල් එක බාගන්න........................http://www.mediafire.com/download/2j1ky4x36dv165h/Root+update.zip
ඊට පස්සෙ recovery mode එකට යන්න (Vol up + power +home )
apply sd card update.zip සිලෙක්ට් කරලා ඔයා download කරපු root update.zip එක තොරලා දෙන්න දැන් flash වෙයි flash වෙලා ඉවර උනම reboot කියන එක තොරන්න
දැන් Root explorer download කරගන්න...................
https://www.dropbox.com/s/esjidnhafk2yigs/Root%20Explorer%20%282.21.1%29.apk ඊටපස්සේ Root explorer install කරලා Root explorer ඔපන් කරලා /efs/imei දැන් මෙනු එක ඔබලා create new file ගිහින් file එකක් හදන්න keystr කියලා දැන් ඒ හදපු file එක උඩ ටච් කරන් ඉන්න
දැන්න් යට ඇති Open in text editor කියලා එකක් එක ඔෆන් කරල් ON කියලා type කරලා save කරන්න ඊට පස්සෙ Permission හදන්න ඔනි අරවිදියටම ටච් කරන් ඉදලා එන ලිස්ට් එකෙ permission කියන එක තොරලා ඔක්කොටම හරිදාන්න දැන් එකත් ඉවරයි පෝන් එක රීබූට් කරන්න
මොකක්ද මේ එනිකෝල්? අද අපි හැමෝටම තියන ප්‍රශ්නයක් මේ එනිකෝල්, සමහර .
ඇත්තෙන්ම එනිකෝල් කියන්නේ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් ආයතනය මගින් පිහිටෙවු සහ ඔවුන්ගේම ආයතනයක්. එහෙමත් නැත්නම එනිකෝල් යනු සැම්සුන්ග් ආයතනයේ දුරකතන නාම සදහා නිපදවූ ආයතනයක් මෙම ආයතනය ඔවුන් විසින් පිහුටවන ලද්දේ 1993 වර්ශයේදීය. ඒ එවකට කොරියාවේ ආදිපත්‍ය පතුරුවාගෙන සිටි මෝටරෝලා සමාගම හා තරග කිරීමටය. කොරියාව යනු බෙහෙවින් කදු ශිඛර පිහිටා ඇති රටකි.මෙම කාලය වනවිට මෝටරෝලා ආයතනය වෙළද පොළ ආධිපත්‍ය දැරූමුත් ඔවුන් හට මෙම බාධාව ජය ගැනීමට අසීරු විය. ඒ ඔවුන්ගේ දුරකතනවල සිග්නල් බෙහෙවින් අඩුවීමය.
(So Samsung released the Anycall series that is available anywhere anyplace underground and also in air in any location in Korea, even in Dokdo about 300km far from the main Korean peninsula.) මේ කාලය තුල සැම්සුන්ග් ආයතනය ඔවුන්ගේ දුරකතන එනිකෝල් යනුවෙන් නම් කර වෙලද පොල ආධිපත්‍ය තමන් සතුකර ගත්හ. ඔවුන් මෙම එනිකෝල් නාමය යොදා ගැනීමට හේතුව නම් සෑම ප්‍රදේශයකම, සෑම ස්තානයක, පොලවෙන් යටත මෙන්ම උඩු ගුවනේ සිට උවද තමන්ගේ දුරකතන පාවිච්චිකල හැකි බව දැන්වීමටය.(ඒ කියන්නේ ලොවෙත් සිග්නල් තියනවා)
මෙම අභියෝග සාර්තකව ජයගත් සැම්සුන්ග් ආයතනය තම දුරකතන කොරියාව තුල එනිකෝල් නාමය යටතේ නිකුත් කිරීමට පියවර ගත්හ. මෙම එනිකෝල් නාමය කෙතරම් ජනප්‍රිය වීදයත් සහ අනිකුත් දුරකතන ආයතන කොරියාව තුල තම දුරකතන එනිකෝල් නාමය යටතේ අලෙවි කිරීමට සැම්සුන්ග් ආයතන සමග ගිවිසුම් ඇතිකර ගත්හ.

තව එකක් අපේ රටවල් වල මිනිස්සු තමා හොද දේවල් පිටට දීලා නරක දේවල් අපිට දෙන්නේ. ඒත් මුන් එහෙම නෑ. උන් උන්ගේ රටට හොදම දේ නිර්මාණය කරනවා. ඒක ෆෝන් වල හාර්ඩ්වෙයාර් පැත්ත ගැන දන්න උන් දන්නවා, කොරියන් එනිකෝල් එකෙයි වෙනත් රටවලට නිර්මාණය කරන එකෙයි වෙනස. අනික කොර්යාවේ එවුන්ගේ මවු භාශාව කොරියන්. උන් උන්ගේ භාශාවට ගොඩාක් ආදරෙයි ගරු කරනවා, චීනේ, ඉතාලිය වගේ රටවල් වල අයත් එහෙමයි. ඉතින් ඒ හේතුව උඩ ඒ අය ඒ දුරකතන තමන්ගේ භාශාවලින් පාවිච්චි කිරීමට නිපදවන්නේ. අනික එනිකෝල් ලාභ වෙන්න හේතුවත් ඒ රටේ නිශ්පාදන තමුන්ගේ මිනිස්සුන්ට අඩුවට නිකුත් කරන නිසා (අපේ රටේ වගේ) එහේ කාර් උනත් පට්ට ලාභයි.
අනික අපේ කොල්ලෝ ගොඩාක් ඉන්නේ එහේ. උන් ගන්න ෆෝන් පොඩිගානක් තියන් විකුනන්නේ, ඒකයි මෙහේ ලාභ.තව එකක්, එනිකෝල් විතරක් නෙමෙයි කොරියාවට නිශ්පාදනය කරන හැම ෆෝන් එකකම ඇන්ටනාවක් තියනවා. ඒ අපිට වගේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරන් TV බල්න්න උන්ට සල්ලි නැති නිසා උන් නොමිලේ හැමෝටම TV බලන්න සලස්වලා තියනවා. ඉතාමත් දියුනු තාක්ශණයක්.(T-DMB, mean Terrestrial Digital Multimedia Broadcasting)
ඉතින් ඔන්න ඕකයි තත්වේ. ඇති බන්. මේ ටිකත් මාර ගේමක් දීලා හොයාගත්තේ.
එනිකෝල් එකක් තියන උන් ආඩම්බර වෙයල්ලා එනිකෝල් අපිට පාවිච්චි කරන්න දුන්න අපේ රටෙන් ගිහින් දුක් විදගෙන රැකියා කරන අපේ කොල්ලන්ට අපේ අප් එක. ජයවේවා!
Samsung is Korean name, :Sam" mean Three, "Sung" mean Star. Three
Star. if U need Genuine Samsung phone originally made for them Use
Anycal

Olleh,U+ වලටත් මේ විස්තරය මේ විදියටම අදාල වෙනව..........................

Isuru Dilan

උපුටා ගැනීම සපුරා තහනම් උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරකින්න‬.

අපි ගැන...

ඔන්න යාලුවනේ අපේ බ්ලොග් අඩවිය...
Facebook එකේ 'කොරියන් පෝන් යනු?' සමූහයට අයත් බ්ලොග් එක තමයි මේ.
මෙහිදී ඔයාලට සමූහයෙන් මගහැරෙන අත්‍යවශ්‍යය පෝස්ටු නැරඹීමේ හැකියාව තියෙනවා.

කොරියන් පෝන් කියන්නේ මොනවාද???
ඔබ නිතර දෙවේලෙ දකින තත්වයෙන් අඩු බාල චීන දුරකතන වලට ද????
රැවටිලිකරුවන්ට හසු නොවන්න!!! කොරියාවෙ නිශ්වාදිත දුරකතන ඉතා උසස් නිමාවකින් මෙන්ම ජාත්‍යන්තර මාදිලියට වඩා තත්වයෙන්ද උසස් බව පිලිගැනීමට ඔබ මැලි නොවනු ඇත!!!
කොරියාවේ නිශ්පාදිත යැයි පවසමින් මේක korea, මේක vietnam ලෙස සදහන් කරමින් ගානද අඩු වඩියෙන් කපා ගනිමින් විකුණන මෙම දුරකතන බාල චීන දුරකතන බව එක හෙලාම ප්‍රසිද්ධියේ කියා සිටිමු!
කොරියාවෙ කිසිදු සම්බන්දයක් එම දුරකතන වලට නොමැත!

එසේම මේවා කියන්නේ පේමන්ට කට්ටියගේ බිස්නසි කැඩීමට නොව...ලංකාව 3න් වෙනි පන්තියේ රටක් වීම තවදුරටත් වැලැක්වීමටත්..ඔබ සියලු දෙනා බේරා ගැනීමටත්ය.
එසේම මෙයද කිව යුතුයි. කාගේවත් චණ්ඩි පාට් වලට අපි බය නැත. බය නම් මේව පටන් ගන්නේ ද නැත.

ලෝක ප්‍රකට SAMSUNG සමාගම පිහිටා ඇත්තේද වෙන කොහේවත් නොව දකුණු කොරියාවේ බව ඔබ සිහිතබා ගත යුතුය!!!
ඔරිජිනල් කොරියන් දුරකතන Anycall(SKT) ,OLLEH(KT) ,LGU+(LT) යන සැම්සුන් සමාගමේ ජාල ගත සමාගම් යටතේ පමණක් බෙදාහැරේ.
විශේසයෙන්ම කිව යුත්තේ ඔවුන් ඔවුන්ගේ රටට හදන්නේ හොදම පෝන් බවයි.

***මෙම බ්ලොග් අඩවිය සැම්සුන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා නිර්මාණය කර ඇති බැවින් ඔබගේ යහලුවන් අතර මෙය ප්‍රසිද්ධ කරන්න.
Facebook හි අපගේ අනුබද්ධ සමූහයට ලිපිනය : www.facebook.com/groups/koreanphone

***This group prevents people from buying cloned smartphones and makes people strong enough to choose the right quality and standards!